
ආනයනය කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය අන්තර්ගත වීම නිසා එක් සමාගමක පොල්තෙල් දෙවැනි වරටත් තත්ත්ව පරික්ෂණය අසමත් වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහාපති නුෂාඩ් පෙරේරා මහතා පැවසීය.
සාමාන්‍යයෙන් ප්‍රමිති ආයතනය පොල්තෙල් තොගයකින් සාම්පල් දෙකක් ලබාගන්නා බවත් එක් සමාගමක දෙවැනි සම්පලය ද තත්ව පරික්ෂණය අසමත් වූ බවත් නුෂාඩ් පෙරේරා මහතා කීය.
අදාළ ආනයනික සමාගමේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම තත්ව පරික්ෂාව අසමත්වීමට හේතුව බවත් එම තොගය ප්‍රතිඅපනයනය කිරිමේ වගකීම රේගුව සතු බවත් සභාපතිවරයා සඳහන් කළේය. සභාපතිවරයා පැවසුවේ තවත් සමාගම් තුනක පොල්තෙල්වල දෙවැනි සාම්පල් මේ වනවිටත් පරික්ෂා කරමින් සිටින බවත් ඒවායේ ප්‍රතිඵල හෙට ලැබීමට නියමිත බවත්ය.
-යොහාන් භාසුර
Comments
Post a Comment
Your comment will be visible after approval