
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා පවසනවා. එම පත් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුකරන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියාසිටියේය.
චමින්ද වාස් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය ආසන්නයේදී ඔහු එම තනතුරෙන් ඉවත්වීම මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඊට හේතුවී තිබුණේ ගෙවීම් පිළිබද ගැටලුවකි.
Comments
Post a Comment
Your comment will be visible after approval