covid-funeral-guideline

පසුගියදා රජය මගින් කොරෝනා මරණ භූමිදානයට අවසරය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ පසුව අදාළ ක්‍රියාපටිපාටිය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන්නට නියමිතව තිබූ අතර ඊයේ සවස එය නිකුත් කර තිබේ. 

මරණ භූමිදානය පිණිස ඉරණතිවු දූපත තෝරාගෙන ඇති අතර සෑම දිනකම උදේ 5.30 ට ඉරණතිව් බලා ස්ථාන දෙකකින් මරණ ප්‍රවාහන වාහන ගමන් කරනු ඇත. වාහන දෙක නවතා ඇත්තේ කොළඹ ජේඑම්ඕ කාර්යාලයේ සහ වැලිකන්ද  බී. එච්. කාර්යාලයේය.
මෙම ප්‍රවාහනය හා අවසන් කටයුතු රජයේ වියදමින් නොමිලේ සිදු කරන අතර අදාළ ස්ථාන දෙක වෙත මෘතදේහ ගෙනගොස් ලබාදීමේ ප්‍රවාහන වියදම මියගිය අයගේ ඥාතීන් දැරිය යුතුය.
කොරෝනා වැළඳීමෙන් මියයාමක් වාර්තාවූ පසු දේහය භූමිදානයට අවශ්‍ය යයි ඥාතීන්ට අවශ්‍ය නම් පමණක් මෙම කාර්යය ඉටු කරනු ඇති අතර ඒ සඳහා පෝරම පුරවා සෞඛ්‍ය සේවා ආයතනයේ අධ්‍යක්ෂ / ප්‍රධානියාට දැනුම් දී අනුමැතිය ලද පසු අදාළ ක්‍රියා පටිපාටිය ඇරඹේ.


මෘත දේහය පිටත්ව යාමට පෙර, පීපීඊ පැළඳ සිටින රෝහලේ නම් කරන ලද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ගෙන ආ යුතුය. මිනී පෙට්ටිය විවෘත නොකළ යුතු අතර ඥාතීන්ට යාබදව හැසිරවීමට ඉඩ නොදිය යුතුය
ඉරණතිවුහිදී භූමිදානය සිදු කරන අවස්ථාවට ඥාතීන් දෙන්නෙකුට සහභාගීවීමට අවස්ථාව සැලසේ. දැඩි ආරක්ෂාවක් ලබාදීමට රජය බැඳී සිටී. එම්ඕඑච් නියෝජිත හා පීඑච්අයිද භූමිදාන අවස්ථාව අධීක්ෂණය කරනු ඇත.
වැඩි විස්තර සහිතව සෞඛ්‍ය අමාත්‍යශය නිකුත් කළ නිවේදනය පහතින්
covid-funeral-guideline