
සතියක් පුරා නිවසක් තුළ කෑම බීම නොමැතිව හාමතේ සිටි වටිනා සුනඛයන් පස් දෙනකු සහ මියගිය ගැබ්බර සුනඛ ධේනුවක් ද පෙරේදා (22) පස්වරුවේ දී ගල්කිස්ස පොලිසිය විසින් සොයාගෙන ඇත. සතුන්ගේ අයිතිවාසිකම් හා පරිසරය සුරැකීමේ සංගමයේ නිලධාරින් විසින් ගල්කිස්ස පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව
ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරී මොරටුව කල්දේමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ දී ඇමරිකන් බ්ලු වර්ගයේ වටිනා සුනඛයන් තිදෙනකු ගැබ්බර සුනඛ ධෙනකුවන් දෙදෙනකු සහ මියගිය ගැබ්බර සුනඛ ධේනුවක් ද සොයාගෙන තිබේ. මෙම මියගොස් සිටි සුනඛ ධේනුවකගේ සිරුර හාමතේ සිටි අනෙක් සුනඛයන් විසින් කා දමා තිබූ බව ද පොලිසිය සැක කරයි.
සුනඛයන් විකිණීමේ ව්‍යාපාරයක යෙදෙන ගෙහිමියා ව්‍යාපාරික කටයුත්තක් සඳහා කොළඹින් බැහැරව ගොස් ඇති බවත් සුනඛයන්ට අවශ්‍ය ආහාර හෝ බීමට ජලයවත් සපයා නොතිබූ බවත් සතියක් තිස්සේ සුනඛයන් හාමතේ සිට ඇති බවත් ගල්කිස්ස පොලිසිය පැවසීය. ප්‍රදේශවාසීන් සත්තව අයිතිවාසිකම් හා පරිසර සුරැකීමේ සංගමයේ නිලධාරින් පිරිසකට මේ පිළිබඳ දැනුම්දීමෙන් පසුව සුනඛයගේ අයිතිකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48 ක පුද්ගලයකු වන අතර ඔහු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ගල්කිස්ස පොලිසිය පැවසීය.
-දිලංගා ගෝමස්-
Comments
Post a Comment
Your comment will be visible after approval