
ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ මානව හිමිකම් සමුළුව හා සම්මාන රාත්‍රිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මහා උත්කර්ෂවත් අන්දමින් පෙරේදා (27) රාත්‍රී පැවැත්විණි.
විවිධ සමාජ මෙහෙවරයන්හි යෙදුණු නීති, කලා හා සිනමා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක විශිෂ්ටයෝ පිරිසක් මෙහිදී සම්මාන ලැබූහ.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳ හා මේ වනවිට අගමැති කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනියක ලෙස කටයුතු කරන
අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතින් එම සම්මානය ලබාගත් අවස්ථාව. ආචාර්ය ඉසුරු බණ්ඩාර හා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්.එන්.එම්. අසීම් යන මහත්වරු ද මෙහි සිටිති.
Comments
Post a Comment
Your comment will be visible after approval