Newzealand-lockdown

නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නුවර මාසයක් ඇතුළත යළිත් දින 7 ක කාලයක් සඳහා ලොක්ඩවුන් කිරිමට  නගර බලධාරින් සහ සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.   

ලක්ෂ විස්සක් වෙසෙන ඕක්ලන්ඩ් නගරය මෙසේ යළි ලොක්ඩවුන් කෙරුණේ, මහා බ්‍රිතාන්‍යයෙන් පළමු වරට හඳුනා ගත් කොවිඩ් 19 වයිරසයේ විකෘති ප්‍රභේදය වේගයෙන් පැතිර යෑම හේතුවෙනි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නවසීලන්තය පළමු වරට  ලොක්ඩවුන් කෙරුණේ මීට හරියටම වසරකට පෙර යැයි ද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


නගරය යළි දින 7 කට ලොක්ඩවුන්   කිරිමට සිදුවන බව නිවේදනය කළේ අගමැතිනී ජසින්ඩා ආඩෙන්ය.   ලොක්ඩවුන්  කිරිමට හේතුව, මහා බ්‍රිතාන්‍යයෙන් පළමු වරට හඳුනාගත් විකෘති ප්‍රභේදය ආසාදනය වූ 21 හැවිරිදි සිසුවකු නිසාය. මෙම සිසුවා නිරෝධායනයට ලක් නොවුණු බවත් සතියක් තිස්සේ සමාජයේ ගැවසී ඇති බවත් අනාවරණය වී තිබේ. එම සිසුවා සම්බන්ධ කොරෝනා පොකුර මේ වනවිට 14 ක් තෙක් ඉහළ ගොස් ඇතැයි ද එරට සෞඛ්‍ය අංශ පවසයි.