
අගුලාන සයුරුපුර නිවාස සංකීර්ණය මුදල් ඔට්ටුවට පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා මුදලින් රුපියල් එක්දාස් දෙසිය පනහක් සමග සැකකාරියන් පස් දෙනකු ඊයේ (28) අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බව ද පොලිසිය පවසයි.
සැකකාරියන් තම ස්වාමි පුරුෂයන් ධීවර රැකියාවට ගිය පසු ස්වයං රැකියාවක් ලෙස මෙම බූරු ගැසීමේ නියැළෙන බව ද පොලිසිය අනාවරණය කරගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 30, 35, 38, 45 යන වයස් වල පසුවන බව සඳහන් කරන පොලිසිය මොවුන් අඟුලාන සහ සයුරුපුර නිවාස සංකීර්ණයේ පදිංචිකාරියක් බව ද කියයි.මොවුන් සූදුවේ නියැළෙන ස්ථානයට තෝන් වශයෙන් රුපියල් 5000 ක මුදලක් ගෙවා ඇති බව සඳහන් කරන පොලිසිය අදාළ ස්ථානයේ මුදල් පොලියට දීමට කාන්තාවන් ද රැදී සිටින බව කියයි.
සූදු පිටියට එන කාන්තාවන් පොලියට මුදල් ගෙන බූරු ගැසීමේ නියැළී ඇති බව ද පොලිසිය පැවසීය.උදෑසන සිය ස්වාමිපුරුෂයන් ධීවර කර්මාන්තයේ නියැළීමට පිටව ගිය මොහොතේ සිට රාත්‍රිය දක්වා එම කාන්තාවන් බූරු ගැසීමේ නියැළෙන බව ද පොලිසිය පැවසීය.අත්අඩංගුවට ගත් සැකකාරියන් මොරටු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය පැවැසීය
(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා)
Comments
Post a Comment
Your comment will be visible after approval