
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මේ නැඟෙනහිර ජැටිය සංවර්ධනයට බාහිර
පාර්ශ්වයන් සම්බන්ධ කර නොගන්නා බවට සඳහන් කර ඇති නමුත් බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා
පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමට සෞභාග්‍යයේ දැක්ම යටතේ ජනතා අනුමැතිය හිමිව තිබෙන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.
ඒ අනුව බටහිර පර්යන්තය සංවර්ධනයට ජනතා අනුමැතිය හිමිව තිබෙන නිසා ඒ අනුව එය සිදු කිරීම
ගැටලුවක් නොවන බවද වීරවංශ මහතා සඳහන් කළේය. වීරවංශ මහතා මෙම සඳහන කළේ කොළඹ වරාය
නැඟෙනහිර පර්යන්තය මුළුමනින්ම වරාය අධිකාරිය යටතේ සිදු කිරීමට ඊයේ රාත්‍රියේ කැබිනට් අනුමැතිය
හිමිවීමෙන් පසුව ඒ ගැන කළ කරුණු විමසීමේදීය.
Comments
Post a Comment
Your comment will be visible after approval