sashi weerawansa


තමන් කිසිදා දැක නැති පුද්ගලයෙකු සමග රට පැනගොස් ඇති බවට මඩ ප්‍රචාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නීතීඥ මහත්මියක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට ගොස් පැමිණිල්ලක් ගොනු කිරීමට ඊයේ ඇමති විමල් බිරිය ශෂී වීරවංශ කටයුතු කළාය.
බ්ලූමවුන්ටන් හිමිකරු සමග ඇසුරක් නිසා  ශෂී රට පැන ඇතැයි පසුගිය දිනවල අන්තර්ජාල ෆේස් බුක් පිටුවල හා ඇතැම් වෙබ් අඩවි වල පළවූ පුවත පදනම් කරගෙන මෙම පැමිණිල්ල කර තිබුනි.


එහිදී ශෂී වීරවංශ මහත්විය මෙසේ පැවසුවාය.
‘මං හෝ දරුවන් කවදාවත් දේශපාලන වැඩවලට සම්බන්ධව කටයුතු කළේ නැහැ. කවුරු වුණත් මේක කරන්නේ මංදන්නෑ ඇයි කියලා. මීට ඉස්සරත් මාව ටාගට් කරන් මඩ ප්‍රහාර දිගින් දිගටම දියත් වුණා. නමුත් ඒවායේ යන හුඟක් දේවල් ඇත්ත නෙමෙයි කියන තැන ඉඳලා අපි ඒවට ක්‍රියාමාර්ග ගත්තෙ නැහැ.

නමුත් මේ දැඩි චෝදනාව දරාගන්න අමාරුයි.. මං දැකලවත් නැති පුද්ගලයෙක් සම්බන්ධ කරගෙන රට ගියා කියලා දාලා තිබුනෙ. ඒක දරාගන්න අමාරුයි. මට ලොකු දරුවො දෙන්නෙක් ඉන්නවා. ඇමති තුමා එක්ක ප්‍රශ්නයක් තියේ නම් දේශපාලනය ගැන ඒක හොයන්න ඕන. බෙලහීන විදිහට අඹුදරුවො පටලවගන්න ඕන නැහැනේ.මේක අපට මානසික පීඩාවක්. සීඅයිඩීය කිව්වා ඉක්මනින් මේ කළ අය ගැන හොයාදෙනවා කියලා.‘