
කොළඹ මීගමු ප‍්‍රධාන මාර්ගයේ වත්තල ගාල හන්දිය පදික මාරුවේදී දහවල් සිදු වූ අනතුරකින් පාසල් ගුරුවරියක් මරණයට පත් වී ඇත.
මීගමුව දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් නෙසැළකිලිමත්ව ධාවනය කිරීම නිසා පෙරේදා (18 දා) මෙම අනතුර සිදු වී ඇත. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පදික මාරුවෙන් ගමන් ගත් වත්තල සාන්ත ආනා බාළිකා විදුහලේ සෙවයේ නියුතු ශෂිකලා ජෙගදීස්වරන් (අවු 49) නමැති ගුරු මහත්මියයි. අනතුර සිදුකළ කන්ටේනර් රථය සහ රියැදුරු වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මරණකාරියගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු ඊයේ (19 දා) හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේ දී සිදු කිරීමට නියමිතව තිබිණි. වත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවති.
හැඳල - පී. ජේ. ස්ටැනිස්ලස්
Comments
Post a Comment
Your comment will be visible after approval