
වවුනියාව, ඕමත්ත, නච්චි ප්‍රදේශයේ පිහිටි ළිඳක් තුළ තිබි හත් හැවිරිදි පාසල් සිසුවෙකුගේ මළසිරුරක් පෙරේදා (09දා) සවස සොයාගත් බව ඕමන්ත පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ, නච්චි ප්‍රදේශයේ පදිංචිව සිටි පී. අබිසන් (අවු.07) නමැති සිසුවෙකි.
අදාළ පාසල් සිසුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමගින් උපකාර පන්තියක් සදහා පෙරේදා (09දා) සවස ගොස් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් පවුලේ ඥාතීන් විසින් සෝදිසි කිරිමෙන් අනතුරුව ඕමන්ත පොලීසියට දැනුම් දී ඇත.
අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ සිසු දරුවා සෙවීමේදී අසල කුඹුරක් ආසන්නයේ පිහිටි ළිදකට වැටී ඇති බවට අනාවරණය වීමෙන් පසුව දරුවාගේ සිරුර ළිඳෙන් ගොඩට ගෙන ඇති අතර ඒ වනවිටත් සිසු දරුවා මිය ගොස් ඇති බව පරික්ෂණවලදී අනාවරණය විය. ළිඳට වැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. අදාළ සිසුදරුවාගේ පොත් බෑගය සහ වතුර බෝතලය අසල කුඹුරක තිබී සොයාගෙන ඇති අතර මිය ගිය දරුවා සහ මිතුරන් කුඹුරේ සෙල්ලම් කරමින් සිටියදී ළිඳට වැටී ඇති බවට පොලීසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
-මධුෂංඛ අමරසිංහ-
Comments
Post a Comment
Your comment will be visible after approval