
කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් රට තුළ වාර්තා වීමත් සමඟ රට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කර ඇති බවට වන පුවත් සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වුවද, එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම
සම්බන්ධව රජය මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.
එමෙන්ම, කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය රට තුළ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වීම හා එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තා වීම පිළිබඳ රජය දැඩි අවධානයෙන් පසුවන අතර, ඉදිරියේදී මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගයන් සෞඛ්‍ය අංශයන්හි උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval