ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති තනතුර වෙනුවෙන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඊයේ භාර දුන් නාමයෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ.


ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ නොවීම සහ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නොවීම ඇතුළු අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් උන්වහන්සේගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.
සීලරතන හිමියන් නාමයෝජනා භාරදී තිබුණේ උතුරු පළාතේ සෙන්ට් ඇන්තනීස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමිනි.
මින් ඉහත ජනපතිවරණය මහමැතිවරණය ඇතුළු රටේ කථාබහට ලක්වන ඡන්ද විමසීම් වලදී ට්‍රැක්ටරයක් නියෝජනය කරමින් පැමිණ අපේක්ෂකත්වය ලබාගැනීමට මෙම හිමි නම පෙළැඹී තිබුණ නමුත් ඒ කිසිදු මැතිවරණයකදී කැපී පෙනෙන ජයග්‍රහණයක් ආසන්නයට හෝ පැමිණියේ නැත.


හිමියන් සමග කිසියම් සම්බන්ධයක් පවතින ඇතැම් විද්‍යුත් නාලිකා මගින් මෙම හිමියන්ට නිරන්තරයෙන්ම මයික්‍රෆෝන දිගු කරමින් රටේ කාලීන ප්‍රශ්න ගැන අදහස් විමසීම දිගු කලෙක සිට පුරුද්දක් ලෙස කරගෙන එයි.
ඒ නිසාදෝ හිමියන් ප්‍රසිද්ධියක් දරයි. තමන්ට ගැළපෙන මෙන්ම නොගැළපෙන දේටද කැපී පෙනීමේ උවමනාවෙන් හිමියන් සම්බන්ධ වන බවට විවේචන එල්ලවී පවතී.   
 -Gosipa