
පෙබරවාරි 15 වන දින බස්නාහිර පළාතේ සියලු
පාසල් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සදහන් කරනවා.
ඒ වෙනුවට දිවයින පුරා සියලු පාසල් මාර්තු මස 15 වන දින විවෘත කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ.
බස්නාහිර පළාතේ සියලුම පාසල් මෙම මස 15 වෙනි දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ නමුත් අ.පො.ස. (සාමාන්‍ය පෙළ ) විභාගයෙන් පසුව මාර්තු මස 15 වෙනි දින ආරම්භ කිරීමට පියවර ගන්නා බව ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් .කේ .මල්ලවආරච්චි පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval