
රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ බාල පුතු සජිත අනුත්තර හා ඔහුගේ බිරියට කොරෝනා ආසාදනයවී ඇතැයි ඔහු සිය ෆෙස් බුක් ගිණුම ඔස්සේ දන්වා සිටී.
ඊයේ (20) සිදු කළ PCR පරීක්ෂණයකින් මෙය තහවුරු වී ඇති බව ඔහු පවසා තිබේ.
මේවන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද වාර්තා විය.
මින් ඉහත කොරෝනා දෙවැනි රැ්ල මුල් කාලයේ ජැක්සන් වැඩිමල් පුතු අකිලටද කොරෝනා ආසාදනය වූ බවට වාර්තා පැතිරගිය අතර ඒ හේතුවෙන් මහනුවර රූගත කිරීම් සිදු කළ ටෙලි නාට්‍ය කණ්ඩායමක් නිරෝදායනයට යොමු කර තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval