placing-your-hand-over-heart

ඊයේ පකිස්තානු අගමැති ඉම්රාන් කාන් ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු මෙන්ම ලංකාවේ අගමැති මහින්දද මින් පෙර නොකළ අමුතු ආචාර දැක්වීමක් සිදු කරනු දක්නට ලැබුණි.


එය වූ කලි දකුණතින් හදවත වම් පස දෙසට ස්පර්ශ කිරීමකි. මෙවැනි ආචාර කිරීමකින් පිළිගැනීම සිදු නොකර ආයුබෝවන් කියන්නට තිබුණා නොවේදැයි ඇතැමෙකු ප්‍රශ්න කර තිබුණි. නමුත් දෙන්නා දෙවිදිහකට ආචාර කිරීමද අමුතුය.මහින්ද ඉම්රාන් පිළිගත්තේ ඒ ආකාර ආචාරයක් කල් ඇතිව සිදු කරන බව දැනගෙනය.
කෙසේ වෙතත් මෙම චාරිත්‍රය මේ කාලයේ පවතින වසංගත තත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂාව තකා
නවීකරණයවී රැල්ලක් ලෙස පැතිරෙන්නක් බව වාර්තාවේ. යුරෝපයෙන් ඇරඹි මෙය අද ආසියාවේ මුස්ලිම් රටවලද ප්‍රචලිතය.ඉරාන ජනතාව මෙය වැඩි වශයෙන් භාවිත කරති.

විවිධ සංස්කෘතීන්හි අවංකභාවය සහ විශ්වසනීයත්වය ප්‍රකාශ කරන විවිධ අභිනයන් ඇති බව පර්යේෂකයෝ සටහන් කරති. ඔවුන් අනුමාන කරන්නේ, එක්සත් ජනපදයේ, කෙනෙකුගේ දකුණු අත ඔසවා සත්‍යය පැවසීමට දිවුරුම් දෙන සිරිත මෙන්, ඒ හා සමාන බලපෑමක් ඇති විය හැකි තවත් අභිනයන් කිහිපයක් ඇති බවත් මෙයද ඉන් එකක් බවත්ය.


පෝලන්තයේ මෙම සිරිත මුලින්ම මතුවූ බව පැවසේ. බොහෝවිට පෝලන්ත ජාතිකයින් තමන්ගේ අදහස් පළකිරීම් වලදී “හදවතින්ම” යන වාක්‍ය ඛණ්ඩය භාවිත කරන අතර  “ඕනෑම සැක සහිත ප්‍රකාශයක් අවසානයේ භාවිතා කරන අවංකභාවයේ ප්‍රකාශනයක්” ලෙස එය කීමට පුරුදුවී ඇති බව කියැවේ. ශාරීරිකව එම හැඟීම දක්වද්දී අතින් හදවත ස්පර්ශ කිරීම එම කියමනේම දිගුවකි.
බොහෝ ජාතීන් තම ජාතික ගීතය ගායනා කරනවිට හදවත ස්පර්ශ කරමින් එය ගායනා කරන ආකාරයද හඳුනාගන්නට ලැබේ. නමුත් එම අභිනය වෙනකකි. දකුණත දිගුකර හදවත වම් පස දෙසට ස්පර්ශ කිරීම හදවතින්ම මං ඔබ සමගයි යන්න කියන්නකි.
“ශාරීරික සංවේදනයන් අප සිතන, දැනෙන හා ක්‍රියා කරන ආකාරයට බලපායි” මේ ගැන පර්යේෂකයෝ සටහන් කරති.
 - Gosipa