
කොවිඩ් වයිරසය ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය
පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඉක්මන් සුවය පතා සහ ලක්වාසී සහ ලෝකවාසී සියලු ජනතාව කොවිඩ්
වයිරසයෙන් ආරක්ෂා කිරීම අරමුණු කොට ගනිමින් අභයාරාම විහාරස්ථානයේදී ඊයේ (01දා)
පින්කමක් පවත්වන ලදී. නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරාධිපති, රාජ්‍ය සේවා එක්සත් හෙද
සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම බෝධි පූජා
පින්කම සංවිධානය කොට තිබුණේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් වන අතර මෙම අවස්ථාවට
මහා සංඝරත්නය, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුළු
පිරිසක් එක්ව සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval