
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව චැපල්ටන් වත්තේ
පී.සී. කොටසට 23දා රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවූ බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.
එම වතු යායෙන් පාසල් ළමයින් දෙදෙනකු ඇතුළු එකළොස් දෙනකු කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති
බවට මීට ප්‍රථම හඳුනාගත් බවත් ඉන් එක් ආසාදිතයකු නිදන්ගත රෝග කිහිපයක් උත්සන්න වීම නිසා
ජීවිතක්ෂයට පත් වූ බව එම නිලධාරියා කියා සිටියේය.
එම ආසාදිතයන්ගෙන් ආශි්‍රතයන් සිය දෙනකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවත් එම පිරිස පී.සී.ආර්. පරීක්ෂණයට භාජන කරන බව එම නිලධාරියා කියා සිටියේය.
සංචරණ සීමා පැනවූ බගවන්තලාව චැපල්ටන් වත්තේ පී.සී. කොටසට බගවන්තලාව පොලිසිය ජංගම මුර
සංචාරද යොදවා ඇත.
නොර්වුඩ් _ නීටා පත්ම කුමාරි
Comments
Post a Comment
Your comment will be visible after approval