
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) රාත්‍රී පැවැත්විණි.
පූජ්‍ය ගලබොඩ ඤාණීස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධීක්ෂණයෙන් පෙරහර සංවිධාන කෙරිණ.
ජනාධිපතිතුමා සධාතුක කරඬුව, මංගල හස්ථි රාජයා මත තැන්පත් කළේය. කොවිඩ් වසංගතය නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පෙරහර පවත්වනු ලැබීය.
උඩරට, පහත රට නර්තන කණ්ඩායම් සහ අලි ඇතුන් සහභාගීත්වයෙන් පෙරහර වර්ණවත් විය.
මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීහූ, ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : රොෂාන් බොතේජු, රොෂාන්ත කිරිවත්තුඩුව - ජනාධිපති මාධ්‍ය අංශය )

Comments
Post a Comment
Your comment will be visible after approval