naomi-osaka-shines-claim-second-australian-open


2020 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් අවසන් මහා තරගයේදී ඇමරිකානු ක්‍රීඩිකා ජෙනිෆර් බ්‍රැඩි පරාජය කරමින් ජපානයේ නයෝමි ඔසාකා තාරකාව බවට පත්විය.
ජෙනිෆර් බ්‍රැඩී එක පිට එක කාණ්ඩ දෙකකින් පරාජය කළ නයෝමි ඔසාකා පහසුවෙන් මෙවරත් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගත්තාය. මෙම ජයග්‍රහණය ඔසාකාගේ 4 වැනි විශාල ජයග්‍රහණයයි.
2018 සහ 2020 වසර වලදී එක්සත් ජනපද විවෘත ශූරතාවලියත්, 2019 දී සහ 2021 දී ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියත් ඇය ජයගෙන ඇත.


මෙල්බර්න් නුවර රොඩ් ලීවර් ටෙනිස් පිටියේදී සෙනසුරාදා පැවති තරගයේ ලකුණු තත්ත්වය සටහන් වූයේ 6-4 ක් සහ 6-3 ක් ලෙසිනි.
2013 දී වෘත්තීය ටෙනිස් පිටියට අවතීර්ණ වූ 23 හැවිරිදි ඔසාකා හයිටි ජාතික පියෙකුට හා ජපන් ජාතික මවකට දාව උපන්නියකි. කෙසේ වෙතත් ඇය ජපානය නියෝජනය කළත් ඇය කුඩා කල සිට හැදී වැඩුනේ ඇමරිකාවේය. ඇයට දෙරටේම ද්විත්ව පුරවැසිභාවය ඇත.
ඔසාකා 2016 ඕස්ට්‍රේලියානු විවෘත උළෙලේදී ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගය සමග මහත් ප්‍රසිද්ධියට පත්ව සිටින්නියකි.
මතභේදාත්මක 2018 එක්සත් ජනපද විවෘත අවසන් තරඟයේදී සෙරිනා විලියම්ස් පරාජයට පත්කිරීම නිසා ඇය ගැන විශාල කථාබහක් ඇති විය.
සෙරිනාව මෙවරත් පරාජය කරන්නට ඔසාකා සමත්වූ අතර මේ වනවිට ටෙනිස් පිටියේ කියැවෙන අදහස වන්නේ සෙරීනාගේ යුගය අවසන් බවත්, ඔසාකාගේ යුගය ආරම්භ වී ඇති බවත්ය.
ඇය සෙරිනාගේ වත්කම අභිබවා මේවනවිට ටෙනිස් පිටියේ ධනවත්ම ක්‍රීඩිකාව බවටද පත්ව ඇත.
ඇය ටෙනිස් ක්‍රීඩාවෙන් මේ දක්වා උපයා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 19.9 ක් හෙවත් ශ්‍රී
ලංකාවේ මුදලින් රුපියල් කෝටි 390 කට ආසන්නය.
 

naomi-osaka-shines-claim-second-australian-open




naomi-osaka-shines-claim-second-australian-open

naomi-osaka-shines-claim-second-australian-open