
මියන්මාරයේ ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණයට සමගාමීව අත්හිට වූ අන්තර්ජාල සබදතා පසුගිය ඉරිදා (07දා) සන්ධ්‍යාවේ සිට යළිත් පිහිටුවා ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත් මෙම හමුදා කුමන්ත්‍රණයට එරෙහි ජනතා
විරෝධතා එලෙසින්ම ක්‍රියාත්මක වන බවත් බලධාරින් පවසා සිටියි. ඉරිදා දිනයේදී එතෙක් මෙතෙක් එරට සංවිධානය වූ දැවැන්තම ජනතා උද්ඝෝෂණය යැන්ගොන් අගනුවරදී පැවැත්වුණි. රට තුළ ජනතාව ප්‍රකෝප ගන්වනසුලු ව්‍යාජ පුවත් ප්‍රචාරය වන බව පවසමින් මියන්මාර හමුදා පාලනය මෙලස අන්තර්ජාල සබඳතා අත්හිටුවා තිබුණි.එය පෙබරවාරී 07දා යළි ස්ථාපිත කරන බවටද මීට පෙර ඔවුන් නිවේදනය කර තිබුණි. ඒ අනුව මියන්මාරයේ රාජ්‍ය දුරකථන සන්නිවේදන සේවාව මෙන්ම පෞද්ගලික සන්නිවේදන සමාගම්ද ඉරිදා සවස සිට යළි සිය සේවා ආරම්භ කර ඇත. මියන්මාරයේ ප්‍රවාහන සහ සන්නිවේදන අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම සබදතා යළි ලබාදුන් බව එරට ක්‍රියාත්මක නෝර්වීජියානු දුරකථන සේවා සම්පාදකයෙකු වන Telenor සමාගම පවසා ඇත.
මෙම වෙනසට හේතුවූයේ ලෝක මට්ටමින් මියන්මාරයේ ජනතා හඩ යටපත් කිරීම සම්බන්ධයෙන් පළවූ විරෝධතාවයට හමුදාව දැක්වූ ප්‍රතිචාරයක් බවට මාධ්‍ය වාර්තාකර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval