
කල්තොට තැන්න විද්‍යාලයේ බාහිර ක්‍රියාකාරකම් භාර ගුරුවරිය එම විද්‍යාලයේ සිසුන් 15 ක් සමග පෙරේදා වලවේ ගගේ දියනෑමට ගොස් තිබුණ ගමනකදී 16 හැවිරිදි වියේ පසුවු නිරෝෂිකා කුමාරී නමැති සිසුවියක අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
බලංගොඩ කල්තොට වලවේ ගග ආශ්‍රිතව පුහුණු චාරිකාවකට මෙලෙස සිසුන්ව කැටුවයාම ගැන කල්තොට පොලිසිය සිදු කළ විමර්ශනය අනුව අදාළ ගුරුවරිය පාසලේ විදුහල්පති හෝ කලාප අධ්‍යාපන කාර්යාලය දැනුවත් නොකර මෙම ගමන සංවිධානය කර තිබූ බවද හෙළිව ඇත.
මේ හේතුවෙන් නොසැලකිලිමත් ගමනකට සිසුන්ව කැටුව යාම සම්බන්ධයෙන් ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මියගිය නිරෝෂිකා 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අතර දෙදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමල් දියණිය වූ බවද පැවසේ.
දියනෑම සිදුවීම අවස්ථාවේ වීඩියෝ පහතින් දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval