
තුර්කියේ ඉස්තාන්බූල්හි සවුදි කොන්සල් ජනරාල් කාර්යාලය තුලදී ඝාතනය කෙරුණු සවුදි මාධ්‍යවේදී ජමාල් කශෝගී ඝාතනය සඳහා අවසර දී ඇත්තේ සවුදියේ ඔටුන්න හිමි මොහමඩ් බින් සල්මාන් කුමරු බව ඇමරිකානු ඔත්තු සේවා මගින් තහවුරු කර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ඇමරිකානු බුද්ධි අංශ වල පරීක්ෂණ වාර්තා මෙතෙක් ප්‍රසිද්ධ නොකෙරුණු අතර එය වහාම ප්‍රසිද්ධ කරන්නට බයිඩන් පරිපාලනය පියවර ගෙන තිබේ.
මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් දුරකථනයෙන් සවුදි අරාබියේ සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල් සෞඩ් රජු අමතමින් වහාම එරට මානව හිමිකම් තහවුරු කරගන්නා ලෙස දැනුම්දීමෙන් පසුව මෙම වාර්තාව නිකුත් කර තිබේ.
2018 ඔක්තෝබර් මාසයේදී 15 දෙනෙකුගෙන් යුත් සවුදි අරාබියේ සිට තුර්කියට ගොස් මෙම ඝාතනය සිදු කර තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval