වයස අවුරුදු 09 ක් වන ළාබාල දැරියක ඉතා අවාසනාවන්ත ලෙස මියයාමේ සිදුවීමක් මීගහවත්ත දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙම දැරියට කිසියම් රෝග තත්වයක් ඇතිවීම හේතුවෙන් දැරියගේ මව අසල්වැසි නිවසක වාසය කරන ගුරුකම් සිදුකරන කාන්තාවක වෙත දැරිය යොමු කර තිබෙන බව වාර්තා විය. 

එහිදී ඇය පවසා ඇත්තේ දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවය.

ඒ සඳහා තෙල් සාත්තුවක් කළ යුතු බවට කරුණු දක්වා ඇති අතර දැරියගේ මව ඊට අවශ්‍ය කළමනා ලබාදී මෙන් පසු දැරිය වෙනුවෙන් දේවාලයේ පූජාවක් පවත්වා ඇති කාන්තාව ඇයට තෙල් සාත්තුවක් සිදු කර තිබේ. මෙම තෙල් සාත්තුව අතරවාරයේ යක්ෂයාට පළා යන ලෙස බල කරමින් ඇයට පහර පිට පහර ගසන්නට වේවැලක්ද භාවිතා කර ඇති බව පැවසේ. ප්‍රතිකාරයේ කොටසක් ලෙස මේ ගැන කල්පණා කළ දැරියගේ මව මෙම පහරදීම් වලට විරුද්ධ වී නැත. නමුත් දේවාලය ඇතුළත පූජාව අතරතුර දැරියට පහරදීමේ අවස්ථාවේ ඇය සිහිසුන් නැතිව ඇද වැටී ඇති අතර කිසිදු කථාබහක් නොකර හුස්ම ගැන්මද නනතරවී ඇති සෙයක් පෙන්නුම් කළෙන් පහරදීමකට ලක්වූ කුඩා දැරිය රෝහලට ඇතුළත් කරන්නට මවට සිදුව ඇත. බියගම රෝහලට ඇතුළත් කරන විටත් දැරිය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබේ.


මියගොස් ඇත්තේ 9 හැවිරිදි දැරියකි.
මෙම දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවට පවසමින් මුදල් ලබානෙ පූජාවක් කළ අසල්වැසි නිවසේ දේවාලයක් පවත්වාගෙන ගිය කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මෙවැනි අවිධිමත් ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීම හේතුවෙන් මීට පෙරද කුඩා ළමුන් මෙන්ම වැඩිහිටියන් ද මියයාමේ සිදුවීම් වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සියලුදෙනා අවදානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව පොලිසිය පෙන්වා දෙයි.
නි.පොලිස්පති අජිත් රෝහණ මහතා සිද්ධිය වැඩිදුර විස්තර කරේ පහත පරිදිය.