boralesgamuwa-brothel-raided

බොරලැස්ගමුව පොලිස් වසමේ මහා පරිමාණයෙන් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් 9 වනදා සවස වටලා එහි සේවය කළ කාන්තාවන් හතරදෙනකු සහ ආයතනයේ කළමනාකරු වශයෙන් සේවය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව  නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පැවැසීය.  මේ දිනවල පවතින කොරෝනා වසංගත තත්ත්වය  හේතුවෙන් සෞඛ්‍ය අංශ පනවා ඇති නීති රීතිවලට පටහැනිව එම නීති කඩකරමින් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම ස්ථානයට ඉතා රහසිගතව අන්තර්ජාලය ඔස්සේ කැඳවා ගන්නා සේවාදායකයන්ට සේවා සපයා ඇති බවත් සිදුකළ මූලික පරික්ෂණයේදී අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.




අත්අඩංගුවට පත්වූ කාන්තාවන් වයස අවුරුදු 25ත් 35ත් අතර පසුවන්නියන් බවත් තිස්සමහාරාමය, ජාඇළ, ඇල්පිටිය, බුලත්කොහුපිටිය, කුරුණෑගල වැනි ප්‍රදේශවල  පදිංචිකාරිනියන් බවත් උපාය දූතයකු යොදවා සිදුකළ  විමර්ශනයේදී අනාවරණය වූ පරිදි මෙම අනවසර ගණිකා මධ්‍යස්ථානය වටලා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවත් පොලිසිය පැවැසීය.  අත්අඩංගුවට පත්වූ කාන්තාවන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.