
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාර හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.
ඔහු එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා එක්වීමට නියමිතව සිටි ක්‍රීඩකයෙකි.
ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා හෙට(23) අලුයම දිවයිනෙන් පිටත් වීමට නියමිත අතර එයට පෙර සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයකින් මොහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බවට වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval