
මුව ආවරණ නොමැතිව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් උපන් දින සාදයට සහභාගිවී සිටීම
සම්බන්ධයෙන් වරද පිළිගත් දස දෙනකුට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ
(1දා) එක් අයකුට රුපියල් පන්දහස බැගින් රුපියල් පනස්දහසක දඩ නියම කළේය. මෙසේ දඩ නියම වූ
දසදෙනා අතර කාන්තාවෝ තිදෙනෙක්ද වෙති.
උණවටුන, ඉලුක්පිටිය ප්‍රදේශයේ නිවෙසක පැවැති උපන් දින සාදයකට මෙම පිරිස මුව ආවරණ නොමැතිව
සහභාගි වී මත්පැන් පානය කරමින් අලුයම වන තෙක් සාදයක් පවත්වමින් සිටින බවට ලැබුණ තොරතුරක් අනුව
හබරාදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් ගොස් ඔවුනට වරද පහදාදීමෙන් පසු නඩු පවරා ඇත.
හබරාදුව පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක විමල් ප්‍රේමවංශ මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්
කරන ලදී.
ගාල්ල අධිකරණ - ෆර්හාන් නිසාම්දීන්, අහංගම - එන්.ජී. ලියනගේ
Comments
Post a Comment
Your comment will be visible after approval