balapitiya-incident

බලපිටිය, පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති නාහිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ලබාගැනීමට සූදානම් වූ බව බවට අහුන්ගල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද නෝර්ටන්බ්‍රිජ් පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු හය දෙනා මාර්තු 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



බලපිටිය මහෙස්ත්‍රාත් චරිත ජයම්පති හංසදේව සමරදිවාකර මහතා විසින් එම නියෝගය ලබා දී ඇත.

පෙරේදා (19) දින සැකකරුවන් බලපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 24ක කාලයක් අහුන්ගල්ල පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබා දී තිබුණි.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලදදේ නොර්ටන්බ්‍රිජ් පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ ගාල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයකු ඇතුඵ හය දෙනෙකි.



බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ ඒකකයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් බව පවසා පසුගිය 17 වෙනිදා රාත්‍රී 9.30ට පමණ මොවුන් පැමිණ විහාරාධිපති හිමියන්ගෙන් කප්පම් වශයෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇති බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.