
බදුල්ල සරස්වතී කනිෂ්ඨ විද්‍යාලයේ 1 වසරට ඇතුල්වීමට මිත්තනිය සමග පාසලට යමින් සිටි සිසුවෙකු කන්ටේනර් රථයක ගැටී සිදු වූ අනතුරකින් දරුවා මියගොස් මිත්තනිය රෝහල් ගතකිරීමේ සිදුවීමක් ඊයේ වාර්තා විය.
මෙසේ මියගොස් තිබුනේ බදුල්ල අසේලපුර ප්‍රදේශයේ පදිංචි සිවනේෂන් වරුන් ප්‍රදීෂ් නැමති සය හැවිරිදි දරුවෙකි.
මියගිය දරුවාගේ මිත්තනිය මෙම දරුවාත් ඔහුගේ නිවුන් සොයුරාත් සමග පාසල බලා පා ගමනින් ගමන්කරමින් සිටිය දී බදුල්ල පහළ රජ වීදියේ විවිධ සේවා සමුපකාරයට අයත් ඉන්ධන පිරවුම්හල අසලදී කන්ටේනර් රථයක ගැටී අනතුර සිදුව තිබුණි.
සමුපකාර ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගෙන ප්‍රධාන මාර්ගයට කන්ටේනර් රථය දැමීමට යෑමේදී
එයට යටවීමෙන් මෙලෙස මෙම දරුවා මියගොස් ඇත.
අනතුරේ දී බරපතල තුවාල ලැබූ මියගිය දරුවාගේ මිත්තනිය බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙන බවත් ඒ සමග ගිය අනෙක් දරුවාට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් පොලීසිය කියයි.
මියගිය දරුවා සහ අනතුරින් බේරුන දරුවා ද ඊයේ(15) දින ජීවිතයේ මුල් වරට පාසලට යමින් සිටින අතරතුර මෙම ඛේදවාචකයට ලක්ව තිබේ.
කන්ටේනර් රථයේ රියැදුරු හා කන්ටේනර් රථය බදුල්ල පොලිසිය
මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර පරීක්ෂණ බදුල්ල පොලිසිය විසින් සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval