
ප්‍රවීණ නිළි ඇන්ජෙලා සෙනෙවිරත්න හට වකුගඩු ආශ්‍රිත රෝගාබාධ මතුවීමෙන් පසු නව වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බවට පසුගිය දිනවල මාධ්‍ය වෙත පැමිණ ඇය දන්වා සිටි අතර වකුගඩුවක් හා අදාළ වියදම් ඇයට අනතුරුව ලැබී තිබේ.
ඇන්ජෙලා සෙනෙවිරත්න මහත්මියගේ වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්මය සඳහා ලක්ෂ 15 ක පමණ මුදලක් අවශ්‍ය වන බව ඇය විසින් සඳහන් කර තිබිණ.
ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් වන ග්ලෝබල් ශ්‍රී ලංකා යූත් ෆෝස් නම් සංවිධානයේ සාමාජිකයින් විසින් මුදල් රැස්කොට ඇගේ කොළඹ නිවසට ගෙනගොස් භාර දී මෙම සැත්කම සඳහා ඇයට උපකාර කර තිබුණි.
ඒ අනුව ඇය අද (09) කොළඹ පුද්ගලික රෝහලකදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් සිදු කරන්නට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval