abandoned-island-for-covid-funerals

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත.
එම සිරුරු භූමිදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය 25 වැනිදා රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොතිබීම ඊට හේතුව බවද ඔහු පවසා ඇත.


වාර්තාවන ආකාරයට භූමිදානයන් සාමාන්‍ය සුසාන භූමිවල සිදු නොකිරීමට රජය අදහස් කරයි.
 භූමදාන කටයුතු කිරීමට සුදුසු ජනශූන්‍ය දූපතක් සොයමින් පවතින අතර දැනට එවැනි දූපත් කිහිපයක් ගැන වැඩිදුර විමර්ශනය කරමින් පවතී.
 දූපතක්‌ හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු සඳහා කන්ඩායමක් පත්කර ඇති බවත් ඔවුන් දූපත් සොයා ඒවායේ ජල මට්ටම් ගැන පරීක්ෂණ පවත්වමින් සිටින බවත් වාර්තාවේ.
මෙයට හේතුවී ඇත්තේ සිරුරු භූමදානය කරන වළ පොළවේ ජලමට්ටමට වඩා ඉහළින් තිබිය යුතු බවට කමිටුව  මින් ඉහත විද්‍යාත්මක හේතු දක්වා තිබීමය.


මේවනවිට අමාත්‍යාංශය මේ වෙනුවෙන් කටයුතු කරන බැවින් දේහ භූමිදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ මෙකී කටයුතු නිමවනතුරු ප්‍රමාදවනු ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
වෙනත් පළාතක පිහිටි දූපතක් වෙත මළ  සිරුරු භූමිදානයට ආරක්ෂිත ක්‍රමවේදයක් සලසන්නට අපේක්ෂා කරන අතර ප්‍රවාහනය, විශේෂ ඇඳුම් පැළඳුම්, දේහය බහාලුම් , සේවක ගාස්තු ආදී වියහියදම් මරණය ආදාහනයට වඩා විශාල ලෙස ඉහළ යා හැකි බවත් ඒවා අය කරගනු ඇත්තේ ආදාළ මරණකරුවන්ගේ පාර්ශ්ව විසින් බවද පැවසේ.