ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයාව සිටිමින් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස
පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා තිබුණු
නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩුව අද (25) කැඳවූ
අවස්ථාවේදී ය.
පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනා අධිකරණය හමුවේ ඔප්පු කර නොමැති බවත් මහින්දානන්ද
අලුත්ගමගේ මහතා විසින් එම ලක්ෂ 39ක මුදල ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ලෙස සිටිමින්
නීත්‍යානුකූල ලෙස ලබාගෙන ඇති බවත් විනිසුරුවරයා සඳහන් කළ අතර එම ණය මුදල පසුව ගෙවා අවසන්
කර ඇති බවත් අධිකරණය හමුවේ පැමිණිල්ලේ සාක්ෂි වලින් ම එය සනාථ වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුව
ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ය.
ඒ අනුව, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන බව
විනිසුරුවරයා පැවසීය.
හංසි නානායක්කාර

Comments
Post a Comment
Your comment will be visible after approval