
WhatsApp සිය මව් සමාගම වන Facebook සමඟ බෙදාගන්නා දත්ත පිළිබඳව පරිශීලකයන්ගේ විශාල ව්‍යාකූලත්වයක් ඇතිවීමෙන් පසු එහි රහස්‍යතා ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම ප්‍රමාද කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය මාසයේදී, WhatsApp විසින් යාවත්කාලීන කරන ලද සේවා කොන්දේසි සහ රහස්‍යතා ප්‍රතිපත්තිය පරිශීලකයින්ට දැනුම් දීම ආරම්භ කළ අතර, පෙබරවාරි 8 න් පසුව යෙදුම දිගටම භාවිතා කිරීම සඳහා ඒ සඳහා එකඟ විය යුතු වුවද දැන් එම තීරණය මැයි මාසය දක්වා ප්‍රමාද කර තිබේ.
ප්‍රතිපත්තියේ එක් විශේෂිත කොටසක සඳහන් Facebook සමඟ එකතු කරන සහ බෙදාගන්නා පරිශීලක දත්ත මොනවාද යන්න සහ පෞද්ගලිකත්වය පිළිබඳ පරිශීලකයින් අතර කනස්සල්ලට හේතු වූ අතර
මේ හේතුවෙන් වයිබර්, ටෙලිග්‍රෑම් , සිග්නල් වැනි තරඟකාරී යෙදුම් වෙත විශාල පරිශීලකයින් යොමු වීමට හේතු විය.
Comments
Post a Comment
Your comment will be visible after approval