රිය අනතුරක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට පහරදුන් බවට සැක පිට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත‍්‍රයා මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුවතක් වාර්තාවේ.


සැකකාර පුත‍්‍රයාගේ මෝටර් රථය මහරගම නගරයේදී තවත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදුවී ඇති අතර අනතුරුව දෙපාර්ශවය අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනෙක් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකුට වෙදආරච්චිගේ පුත‍්‍රයා පහරදී තර්ජනය කර ඇත.

අනතුරුව ඒ සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර පුත‍්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙයි. අනතුරෙන් ඔහුගේ වාහනයට සුළු හානි සිදුව ඇති  බවද වාර්තා විය.
වෙදආරච්චිගේ පුත‍්‍රයා පොලිස් ඇප මත මුදාහැර තිබෙයි.