පසුගියදා හබරණ පන්සලකදී ඇතිවූ උණුසුම් තත්වය ගැන පවසන්නට ග‍්‍රාමීය කලා ශිල්පි ප‍්‍රවර්ධන  කටයුතු රාජ්‍ය  අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා අද මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී ඔහු මෙසේ කීවේය.


‘හබරණ ,හිරිවඩුන්න,බෝධිරාජ  ආරාමයපුරා  විද්‍යා  නටබුන් සහිත ප‍්‍රදේශය නිරීක්ෂණයට මා ගිය අවස්ථාවේ පැමිණි එක්තරා කණ්ඩායමක් සහ ප‍්‍රදේශවාසීන් අතර ආරවුලක් ඇති  වුණා. පිටතින් පැමිණිි  පිරිසගේ  මතය  වන්නේ සම්මා  සම්බුදුරජාණන්  වහන්සේ උප්පත්තිය ලැබුවේ එම ප‍්‍රදේශයේ බවයි.මේ නිසා ගම්වාසීන් සහ එම පිරිස අතර කලක සිට ආරවුල් ඇති වී තිබුණා. එදින අප එතැනින් ගිය පසු නැවත එම ආරවුල ඇති වුණා.

අපට ඇත්තේ පුරා වස්තූන් ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවලයි. පුරාවිද්‍යා සාධක සහිතව සනාත වි ඇත්තේ ඉන්දියාවේ  බුදුන්වහන්සේ  උප්පත්තිය  ලැබූ  බවයි. එසේ නොවන ඔප්පු  නොවූ විවිධ  මත  වාද පිලි ගැනීමට මා සූදානම් නැහැ.

එම  ස්ථාන  ආරක්ෂා කරන ගෞරවනීය  මහා  සංඝරත්නයට හිරිහැරයක්  වන්නේ  නම් උන්වහන්සේලා  ආරක්ෂා  කරගැනීම  මගේ වගකීමයි.‘