
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පදිංචි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ දියණිය පවිත්‍රා රණතුංග සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.
අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ දියණිය රන්දුලා ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය මෙහෙයුමේ තුන්වන ලේකම් ලෙස නිව්යෝර්ක් බලා පිටත්ව යනු ඇත.
රාජ්‍ය ඇමති දුමින්ද දිසානායකගේ සහෝදරයා වන අමිල ඊ දිසනායක පැරීසියේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.
ජනාධිපති ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායකගේ දියණිය සුභාෂිනි සමරනායක වියානා ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.
හිටපු නාවික හමුදා ප්‍රධානී සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් තිසර සමරසිංහගේ බෑණනුවන් වන තුලසි සමරසිංහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.
කලෙක රාජපක්ෂ රජයට හිතවත්වූ විපක්ෂ දේශපාලනඥ තිස්ස අත්තනායකගේ දියනිය දුල්මිණි අත්තනායක යහපාලන අවසන් කාලයේ 2019 ජූලි ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම්වරිය ලෙස ලද පත්වීම නව රජය බලයට පත්වූ පසු අවලංගු වූ නමුත්
නැවත සක්‍රීය කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval