
දෙහිවල කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ නිවෙසක මියගිය හැටපස් හැවිරිදි කාන්තාවක සෞඛ්‍ය බලධාරින්ට සහ පොලිසියට නොදන්වා හොර රහසේ භූමදානය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
එම කාන්තාව ගොතටුව පොලිස් වසමේ මානික්කම්මුලේ කුලී නිවෙසක පදිංචිව සිට දෙහිවල නිවෙසට ගොස් සිටියදී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. එම කාන්තාව දෙහිවල ප්‍රදේශයේ මියගොස් ඇති බවට සහ මළසිරුර හොර රහසේ වළ දමා ඇති බවට ගොතටුව ප්‍රජා පොලිස් කොට්ඨාසයේ නිලධාරියකුට ලැබුණු තොරතුරක් අනුව මෙම පරික්ෂණ ආරම්භ කර තිබිණි. ඇය මියගියේ කොවිඩ් ආසාදනය වීමෙන් ද යන්න මෙතෙක් හෙළි වී නොමැත. ඇගේ නිවසේ සිටි පිරිස පී.සී.ආර්. පරික්ෂණ සිදුකර ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. ගොතටුව සහ දෙහිවල පොලිසි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත.
-ඉන්දිකා රාමනායක-
Comments
Post a Comment
Your comment will be visible after approval