
කොරෝනා රෝගයට ගොදුරු වූ තරුණ වෛද්‍යවරයකු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ
ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
රාගම මහ රෝහලේ සේවය කළ මේ තරුණ වෛද්‍යවරයා කොරෝනා වැලඳීම නිසා මීට දින කිහිපයකට පෙර
ප්‍රතිකාර ගැනීම සඳහා ඇතුළත් කර තිබුණේ මුල්ලේරියාව රෝහලටය.
කෙසේ හෝ පසුගිය සංකූලතා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ මෙම වෛද්‍යවරයාව ගාල්ල කරාපිටිය
රෝහලට රැගෙන ගොස් එක්මෝ (ECMO) යන්ත්‍රයට සම්බන්ධ කර ඇත්තේ කොරෝනා රෝගය හේතුවෙන්
හෘදය හා පෙණහලු අකර්මණ්‍ය වීමෙන් වලක්වා ගැනීම සඳහාය.
දැනට ශ්‍රී ලංකාවේ කිසිදු රෝහලක නැති මේ ‘එක්මෝ’ යන්ත්‍රය ඇති එකම රෝහල වන්නේද ගාල්ල
කරාපිටිය රෝහලයි.
එම යන්ත්‍රය මඟින් සිදුකරන්නේ අක්‍රිය වන පෙණහලු හා හෘදයට උත්තේජනයන් ලබා දීමයි.
සමන් ප්‍රියංකර නම්මුනිගේ, ජේ. ටී. ද සිල්වා
Comments
Post a Comment
Your comment will be visible after approval