
මින් දින කිහිපයකට පෙර එම සැකකරුවන් හතරදෙනා අත්අඩංගුවට ගෙන පැය 24 ක් තුළ මුදාහැරීයේ ඇප ලබාදීමෙන් පසුවය. බිලියන 13 කට වැඩි වංචාවක් සිදු කළ බවට සැකයට ලක්ව එම ඇප ලබාදීම ඉක්මනින් සිදු කිරීම සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ගේ හා සිවිල් සංවිධා න වල බලවත් විරෝධය මෙන්ම සමාජ මාධ්‍ය තුළ විවේචනද පළ විය. අනතුරුව මේ අය නැවත අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
මේ ලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන අයයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරන්නේ නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවකි.
Comments
Post a Comment
Your comment will be visible after approval