
කොරෝනා රෝගය සුවවීමෙන් අනතුරුව නිවස බලා ගිය රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රජයට බල කර සිටින්නේ දැන් ලංකාවේ කොරෝනා පාලනය ගිලිහී ඇති බැවින් නිවසේ සිට නිරෝධායනයට ඉඩදී මීට විසඳුමක් සලසන ලෙසයි.
රෝගය වාර්තාවූ පසු නිරෝධායනයට සැවොම යොමු කරමින් ඔවුන් බලාකියාගනිමින් දැන් රජය ගෙනයන වැඩපිලිවෙල ලෙහෙසි පහසු නොවන තැනට දැන් පත්ව ඇති බවත් අදාළ අංශ වලට දැන් මෙම ක්‍රියාවලිය එපාවී ඇති බවත් ඔහු කියයි.
මෙය අතිශය අභියෝගාත්මක තත්ත්වයක් බවට පත්ව ඇති බැවින් තම ඉල්ලීම නම් වෙනත් රටවල සිදු කරන ආකාරයට කොරෝනා ආසාදිතයන් නිවෙස්වලම නිරෝධායනයට ඉඩ සැලැස්වීම බව ඔහු පවසයි. ඔහු මේ අදහස් පළ කළේ ටෘත් විත් චමුදිත අන්තර්ජාල නාලිකාවක පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval