
වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත 17 දෙනකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට
සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරිහු අද ක්‍රියා කළහ.
වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේ පෙරේදා (31) වැනිදා අහඹු පීසීආර් පරීක්ෂණ 60ක් සිදුකර ඇති අතර
ඉන් 17දෙනකුට කොරෝනා ආසාදිත බවට හඳුනාගත් බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
සංචරණ සීමා පැනවූ යක්ගස්මුල්ල ග්‍රාම නිලධාරි වසමේ පවුල් 288ක් සහ මුල්ලේගොඩ ප්‍රදේශයේ
පවුල් 50ක් වාසය කරන බව පොලිසිය කියයි. මෙම ගම්මානවල මේ වන විට ජනතාව 1300ක් පමණ
දැනට වාසය කරන බව ද පොලිසිය කියයි .
Comments
Post a Comment
Your comment will be visible after approval