
හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ පසුගියදා පැවැත් වූ විවාහ උත්සව
දෙකක මනාල යුවළට කොවිඩ් ආසාදනය වී තිබීම හේතුවෙන් එම උත්සව අවස්ථාවන්ට එක්වූ 350 කට ආසන්න පිරිසක් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී 12 දෙනකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත. සියලු දෙනා නිරෝධායනයට
හෝමාගම සහ පාදුක්ක වටරැක ප්‍රදේශයේ පවත්වා ඇති විවාහ උත්සව දෙකට අමතරව එක් උත්සවයක දෙවැනි ගමන අවස්ථාවක්ද හිතවතුන්ට සංග්‍රහ කරන අවස්ථාවක්ද නිවසක පවත්වා ඇත. ඉන් එක් උත්සවයක් සඳහා සෞඛ්‍ය අනුමැතිය ලබාගෙන නොමැති බවද වාර්තා වී තිබේ. එම උත්සව
පවත්වා ඇත්තේ කඩුවෙල, රණාල ප්‍රදේශයේ නිවෙසකත්, පාදුක්ක වටරැක ප්‍රදේශයේ නිවෙසකත්, පාදුක්ක මීපේ ප්‍රදේශයේ හෝටලයකත් වේ.
අනෙක් මනාල යුවළ හෝමාගම පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක මංගල උත්සවය පවත්වා ඇත.මෙම උත්සව සඳහා සහභාගි වූ 350කට වැඩි ප්‍රමාණයක් මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval