
ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය මගින් ක්‍රියාත්මක කරන COVID-19 එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා එම එන්නත් රට පුරා බෙදාහැරීමට අවශ්‍ය සහාය තම සමාගම ලබාදෙන බව අන්තර්ජාලය හරහා භාණ්ඩ බෙදාහැරීමේ සුප්‍රසිද්ධ සමාගමක් වන ඇමේසන් සමාගම පවසයි.
ඇමේසන් සමාගමේ සිල්ලර වෙළෙඳ අංශයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් පසුගිය බදාදා (බයිඩන් දිවුරුම් දුන් දිනයේදීම)
"මෙම එන්නත් අපට ලැබුණු වහාම ඒවා බෙදා හැරීමට අප සැමවිටම සුදානමින් සිටිනවා. එතැනදී අපි අපේ මෙහෙයුම් පුළුල් කිරීමටත්, අප සතු තොරතුරු තාක්ෂණික සහ සන්නිවේදන හැකියාවන් මෙන්ම විශේෂඥතාවන්ද ඔබගේ මෙම එන්නත් බෙදාහැරීමේ ප්‍රයත්නයට ලබාදෙන්න අප සුදානම්." යනුවෙන් එම ලිපියේ සඳහන්ව ඇත.
කෙසේ වෙතත් ඇමසෝන් සමාගමට මෙලෙස එක්සත් ජනපදය තුළ COVID-19 එන්නත් බෙදාහැරීම සඳහා ඉදිරිපත්වීමට බයිඩන්ගේ රජයක්ම එනතුරු සිටියේ ඇයිද යන්න මේ මොහොතේ බොහෝදෙනෙකුගේ ගැටලුව වී ඇත.
මීට පෙර ට්‍රම්ප් විසින් එම එන්නත් බෙදාහැරීම අරඹද්දී එම සමාගම එවැනි ඉදිරිපත් වීමක් සිදුකර නොතිබුණි.
මේ අතර බයිඩන්ගේ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වූ ජේ කාර්නේ අද වනවිට ඇමසෝන් සමාගමේ ප්‍රතිපත්ති සහ සන්නිවේදන කණ්ඩායම්වල ප‍්‍රධානියා ලෙස කටයුතු කරන බවත්, ඒ අනුව ජනපති ධුරයේ බලතල නිල වශයෙන් හුවමාරු කිරීමෙන් අනතුරුව සමාගම මෙම සහාය ලබාදීමට ඉදිරිපත් වන්නට ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval