අධිකරණයට අපහාස  කිරීමේ වරදට වැරදිකරු වූ පාරිලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර  හතරක සිරදඩුවම් හිමි විය. එසේ වුවද අධිකරණයට  අපහාස කිරීම සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ නීතිය තුළ පැහැදිලි නිර්වචනයක් නොමැති වීම තුළ පුරවැසියන් අපහසුතාවට පත්වෙන බව නීති විශාරදයෝ 

පෙන්වා දෙති.   ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන ජනතා ආයතන අතරීන් අධිකරණයද එක් ආයතනයකි.  ජනතා පරධිපත්‍ය වෙනුවෙන්  අධිකරණයට අපහාස නොකළ යුතු අතර, ජනතා පරමාධිපත්‍ය ඉටුකර ගැනීම උදෙසා අධිකරණය ගැන කතා කිරීමේ අයිතිය ජනතාවට තිබිය යුතුය. මෙහි සීමාව නිසි ලෙස වෙන්කර තිබෙන්නේ නම් එය වැදගත් වනු ඇත.



ශ්‍රී ලංකාවේ අධිකරණයට අපහාස කිරීමේ නීතිමය පසුබිම ගැන නීතිඥ ජගත් ලියනාරච්චි මහතා සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසේ. අධිකරණයට අපහාස කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම වරදක් බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එහිදී අධිකරණයට සුදුසු යැයි සලකන දඩයක් හෝ බන්ධනාගාරගත කිරිමක් යන ක්‍රම දෙකෙන්ම දඬුවම් කරන්න පුළුවන් කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. නමුත් මෙම දඩුවම්දී උපරිම දඩය, අවම දඩය හා උපරිම සිරදඬුවම අවම සිරදඩුවම ආදිය ගැන සදහන් වෙන්නෙ නැහැ.


අධිකරණයට සුදුසු යැයි සලකන ආකාරයට දඬුවම නියම කරත්ත කියලා තමයි තිබෙන්නේ.  ඒ වගේම අධිකරණයට අපහාස වීම සම්බන්ධයෙන් හිනයක් නැහැ. ඒ නිසා යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් නිසා අධිකරණයට අපහාසයක් සිදුවුණා කියලා අධිකරණයට හැගී ගියහොත් දඩුවම් පැමිණිවීම් බලය අධිකරණයට තිබෙනවා.


අධිකරණයට අපහාස කිරීමේ ඉතිහාස සිදුවීම්

ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරිලා තිබෙනවා. අරනායක දිවයින වාර්තාකරුව සිටි ගරුමුණි  තිලකරත්න මාධ්‍යවේදියාට ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස  කිරීම යටතේ නඩු පැවරී තිබෙනවා. ඔහු ලියපු වාර්තාවකින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදුවූවා කියා නඩු පැවරිමක් සිදුවුණා. ඒවගේම එමානුවෙල් ප්‍රනාන්දු කියන පුද්ගලයා ශ්‍රේෂ්ඨාධිකරණය තුළදී ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් නොතකා අධිකරණයට බාධා වන ආකාරයට උඩින් කතා කිරීම කියන කාරණය නිසා ඔහුට වසර දෙකක සිරදඬුවමක් නියම කරනු ලැබුවා..  ඒ වගේම එස්.බී දිසානායක මහතා අමාත්‍යවරයෙක්ව සිටියදී අධිකරණියන් පිටතදී හබරාදුව ප්‍රදේශයේදී සිදුකළ ප්‍රකාශයකින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වූ බව දක්වමින් බරපතළ වැඩ සහිතව වසර  දෙකක සිරදඬුවම් නියම කළා. එයට ජනාධිපති සමාවක් ලැබුණා.  මේ ආකාරයේ පූර්වාදර්ශ  තිබෙනවා.


උපරීම දඩුවම

ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සමිබන්ධය උපරිම දඩුවමක්, අවම දඩුවමක් සම්බන්ධයෙන් සඳහන් වන්නේ නැහැ. අධිකරණයට හැඟී යන පරිදි ඒ දඬුවම දෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඉහළම දඩුවම ලබාදී තිබන්නේ රංජන් රාමනායක මහත්මයාට. ඒ වසර 04ක දඬුවමක්. ඒ වගේම 2016 වසරේදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළ බව පවසමින් හෝමාගම මහ‍ෙස්ත්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කළා. එහිදී අභියාචනාධිකරණය විසින් 2018 වසරේදී වසර 06ක සිරදඩුවමක් නියම වුණා. නමුත් ඒ දඩුවම ලබාදී තිබෙන්ගේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට අපහස කිරීමක්  සම්බන්ධවයි. එය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් නෙවෙයි. නමුත් ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබුනා.


ප්‍රජා අයිතිය අහෝසි වෙනවාද


මෙවැනි දඩුවමක දඩුවම් කාලය වසර දෙකකට වඩා වැඩි වෙනකොට ඡන්දදායකයෙක් විදිහට ඔහුගේ තිබෙන අයිතිවාසිකම් සීමා වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89(ඇ)අ වැනි ව්‍යවස්ථාවේ ඒ ගැන සඳහන් කර තිබෙනවා. වසර දෙකකට වැඩි දඩුවමක් මාස 06කට වඩා වැඩි කාලයක් වුවොත් එවැනි වෙලාවක ඔහුට දඩුවම ලැබුණු දිනයේ සිට වසර 07ක කාලයක් දක්වා ඡන්ද හිමියෙකු වීමේ අවස්ථාව අහිමි වෙනවා. ඒ අනුව ඕනම අපරාධ නඩුවක වසර 02කට වඩා වැඩි සිරදඩුවමක් මාස 06කට වඩා වැඩි  කාලයක් වින්දොත් මේ ආකාරයට ඡන්ද අයිතිය අහිමි වෙනවා. ඒ කියන්නේ ඡන්දය ලබාදීමට ඔහු නුසුදුස්සෙක් බවට පත්වෙනවා.


ඒ වගේම එලසෙ නුසුදුස්සෙක් වන මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට පාර්ලිමේන්තුවේ අසුන ගැනීමට   සුදුසෙක් වෙන්නෙ නැහැ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාවේ සඳහන් වෙන්වෙනවා. නමුත් එවැනකුට ජනාධිපති සමාවක් ලැබුණත්, ඒ තත්වය  වෙනස් වෙනවා. එවිට ඔහු සුදුස්සෙක් බවට පත්වනවා. නමුත් ජනාධිපති සමාව ලබාදෙන ආකාරය අනුවයි  එය සිදුවෙන්නේ. පූර්ණ සමාවක් ඒ කියන්නේ ප්‍රජා අයිතිය ඇතුළුව සමාවක් ලබාදුනොත් තමයි එවැනි  අවස්ථාවක සුදුස්සෙක් වෙන්නේ.අවශ්‍ය නම් බන්ධනාගාරයෙන් නිදහස් වීම පමණක් සිදුකරන්නත් පුළුවන්. කොන්දේසි සහිත ජනාධිපති සමාවක් ලැබුනොත්, ඒ කොන්දේසි අනුවයි එය ක්‍රියාත්මක වෙන්නේ. පූර්ණ සමාවක් ලැබුනොත් ප්‍රජා අයිතිය සහිතවම නිදහස හිමිවෙනවා.


තීන්දුවට එරෙහිව අභියාචනා කරන්න

මෙවැනි දඩුවමක් ලැබුණු කෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්චය මණ්ඩලයකට එම නඩුව යොමු කරන්න පුළුවන්. එවැනි පූර්වාදර්ශ අපේ රටේ තිබෙනවා. ආචාර්ය පී.බී ජයසුන්දර මහත්මයාට එරෙහිව ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් එතුමා පසුකාලීනව පූර්ණ විනිශ්චය මණ්ඩලයකට යොමු කළා. එචිට ඒ තීන්දුව වෙනස්කර තීන්දුව ලබාදුන්නා. එස්.බී දිසානායක මහත්මා තමන්ට ලැබුණු තීන්දුවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කමිටුවට අභියාචනා කළා. එම කමිටුවෙන් එස්.බී දිසානායක  මහතාට වාසිසහගත නිර්දේශයක් ලැබුණා. නමුත් මානව හිමිකම් කමිටුවේ නිර්දේශ ලංකාවේ ක්‍රියාත්මක කරන්න බැදීමක් නැහැ.  නීතිය ක්‍රියාත්මක කරන බලධාරින් එකග උනොත් පමණයි එය ක්‍රියාත්මක කරන්න පුළුවන් වන්නේ.  කොහොම වුණත් අභියාචනය  කරන්න පුළුවන්.

සංශෝධනය විය යුතු දේ

අධිකරණයට අපහාස කිරීම කියන  වරද නිර්වචනය විය යුතුයි කියලා මම හිතනවා. ඒක මට පෞද්ගලික මතය. ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008දී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ පනත් කෙටුම්පතක් හදලා තිබෙනවා. නමුත් එය සම්මත වෙලා නැහැ. එවැනි පනතක් හෝ නිර්මාණය වෙනවා නම් හොදයි.  මොකද එවිට අධිකරණයට අපහාස කිම් සීමාවන් දැනගන්න පුඵවන්.  අනිත් එක එය ජනතාවට පහසුවක්  වෙනවා. එවිට පුරවැසියන්ට පුළුචත් අධිකරණයට අපහාස කිරීමෙන්  වළකින්න.

එවැනි දේ පිළිබද දැනුම්වත් වුණත් මාධ්‍යයට  පුළුවන් ඒවා ප්‍රචාරය නොකර ඉන්න.  තිලකරත්ත මාධ්‍යවේදියාට නඩු පැවරූ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් කළ ප්‍රකාශයක් පත්තරේ පළ කළ නිසා. නමුත් අපහාසය ගැන දැනගෙන හිටියා නම්, ඒ සම්බන්ධයෙන් නිර්වචන තිබුණ නම් ඔහු නොලියා ඉදියි. ඒ නිසා මෙවැනි පනතක් ගෙන ඒම වටිනවා. ඒ සඳහා අවශ්‍ය නම් කලාපයේ අනිකුත් රටවල උදාහරණ ලබාගත්තත් පුළුවන්.


(චාමර සම්පත්)