තමා සහ පවුලේ අය රාවණා පැණියක් පානය කළ බවට මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව නිරෝධායනය වෙමින් සිටින රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.  නිරෝධායනය අතරතුරදී තමන්ට බටහිර වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස සිදුකෙරෙන බවත්,
ප්‍රචාරණ වාසි තකා තමාට හා පවුලේ අයට පැණි ලබාදුන් බවට පවසමින් කෙරෙන ප්‍රචාර පිළිනොගන්නා ලෙසත් එම පුද්ගලයා තමාව හමුවන්නට අවස්ථා කිහිපයක විවිධ අය හරහා උත්සාහ කර තිබූ නමුත් තමා ඉඩ නොදුන් බවත් ඇමතිවරයා දන්වා සිටියි.
ඔහු සිදුකර ඇති ප්‍රකාශය මෙසේය.

 ‘රූපවාහිනිය තුළින් මම දැක්කා රාවණා පැනියක් මම භාවිත කරනවයි කියල ප්‍රවෘත්තියක් පළ කරනවා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. මම හෝ මගේ පවුලේ කිසිදු කෙනෙක් එවැනි පැණියක් භාවිතා කරලා නෑ. මම මේ කොවිඩ් වසංගතය වැළඳනායින් පස්සේ අපේ ආදරණීය වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ උපදෙස් අනුව ඉතාම සෞඛ්‍ය ආරක්ෂිතව නිරෝධායනයට ලක්වෙමින් තිබෙන්නේ.
මේ පුද්ගලයා තුන්හතර වතාවක් මාව විවිධ අය හරහා සම්බන්ධ කරගන්න හැදුවා. නමුත් ඒකට මම ඉඩ දුන්නෙ නැහැ.
මේ රටේ සියලු ජනතාවට මේ කොවිඩ් වසංගතයෙන් මිදුණ සුවපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.‘