
ඇමති දයාසිරි ජයසේකරට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
කොරෝනා ආසාදනය වී ඇතිද යන්න පිළිබඳ කළ පීසීආර් පරීක්ෂනයේ දී ධනාත්මකවීමෙන් පසු
මේ වන විට ඔහු හික්කඩුව සුපර් කොරල් හෝටලයේ නිරෝධායනය වෙමින් පසුවන බව වාර්තාවේ.
මෙරට ඇමති ධූරයක් දරන කෙනෙකුට කොරෝනා ආසාදිත බවට ප්‍රසිද්ධ කළ පළමු අවස්ථාව මෙයයි.
බතික් ඇදුම රජයේ සේවකයන්ට සතියට දිනක් අදින්නට උපදෙස් දෙමින් එම කටයුත්ත ප්‍රවර්ධනය පිණිස පසුගිය දිනවල දයාසිරි මහතා මහජන පිරිස් හා අවස්ථා වැඩි ගණනකට සම්බන්ධ වූයේය.එසේම පාර්ලිමේන්තුවටද සහභාගී වුයේය. මේ හේතුවෙන් ඔහු හා සම්බන්ධිතයින් රැසකට පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට හා නිරෝධායනය වීමට උපදෙස් දී ඇතැයිද වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval