
ඇමරිකා එක්සත් ජනපදය විසින් සෞදි අරාබියට සහ එක්සත් අරාබි එමීරයට යුද ආයුධ අලෙවි කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව එක්සත් ජනපදයේ නව ජනපති ජෝ බයිඩන්ගේ පරීපාලනය පවසයි. එහි නව රාජ්‍ය ලේකම්වරයා ලෙස තේරීපත් වූ ඇන්තනි බිලින්කන් සිය ප්‍රථම මාධ්‍ය හමුවට සම්බන්ධ වෙමින් මේ බව සඳහන් කර තිබේ.
"මෙම යුද ආයුධ අලෙවි කිරීම අපගේ උපයමාර්ගික කරුණු වෙත මෙන්ම, විදේශ ප්‍රතිපත්තිය වෙතත් ගැලපෙනවාද කියන දේ මෙහිදී විමසා බැලෙනවා." නව රාජ්‍ය ලේකම්වරයා පවසා ඇත.
මේ සම්බන්ධයෙන් වර්තාවක් ගෙන එන එක්සත් ජනපදයේ වෝල් ස්ට්‍රිට් ජර්නල් පුවත්පත, බයිඩන්ගේ පරිපාලනය විසින් දැනටමත් සෞදි අරාබියට සහ එක්සත් අරාබි එමීරය වෙත ලබාදීමට නියමිතව තිබු ඩොලර් බිලියන ගණනක් වටිනා යුද ආයුධ අලෙවිය නැවැත්වීමට පියවර ගෙන ඇත. හිටපු ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් අනුමත කර තිබූ මෙම යුද අවි අලෙවිය යටතේ සෞදි අරාබිය වෙත ස්ථානය නම් කර එල්ල කළ හැකි මිසයිල සහ එක්සත් අරාබි එමීරය වෙත F -35 මාදිලියේ ප්‍රහාරක ගිනි අවි ලබාදීමත් සිදුවිය. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය තුළ ඉරානයට එරෙහි පීඩනය වැඩි කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය මගින් මෙලෙස සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරය වෙත යුද අවි ලබාදීම සිදු කෙරුණු බව විචාරකයෝ පවසති.
Comments
Post a Comment
Your comment will be visible after approval