
මන්නාරම, තිරුකේදීශ්වරන්,මාලිගේතිඩල් ගම්මානයේ කලපු සීමාවේ තිබී මළ සිරුරු දෙකක් ඊයේ(29) සොයාගත් බව මන්නාරම පොලිසිය පවසයි.
මෙම සිරුරු මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ පදිංචි එම්.මහේන්ද්‍රන් නමැති 45 හැවිරිදි පුද්ගලයෙකුගේ හා මන්නාරම,වෙට්ටයාර්මුරිප්පු ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ඇන්තෝනිපිල්ලේ දේවශංකර් නමැති පුද්ගලයෙකුගේ යයි හඳනාගෙන ඇත.
නීති විරෝධි අයුරින් මාර්ගයේ පවතින විදුලි රැහැන්වලින් විදුලිය ලබා ගැනීමට ගිය මේ පුද්ගලයින් දෙදෙනාට විදුලිසැර වැදීමෙන් මෙම මරණ සිදුව ඇති බවට විශ්වාස කෙරේ.
ප්‍රදේශවාසීන් පැවසූවේ මාර්ගයේ පවතින විදුලි රැහැන් පළුදු කොට ඊට ඇණයක් ගසා කුඹුරකට විදුලිය ලබා ගැනීමට ගිය අවස්ථාවේ අනතුර සිදුව ඇති බවයි.
මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval