
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කෙරුණු අතුරලියේ රතන හිමියන් සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මුල් පෙළ ආසනයක් ඊයේ (31) වෙන් කළ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ අනුව උන්වහන්සේට වෙන් කරනු ලැබ ඇත්තේ විපක්ෂයේ මුල් පෙළ විසිවැනි ආසනයයි.
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් අතුරලියේ රතන හිමියෝ ඉකුත් 18 වැනිදා පත්කරනු ලැබූහ.
මේ අනුව පාර්ලිමේන්තුවේ දැනට හිස්ව පවතින්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා වෙන් කෙරුණු ආසනය පමණක් බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කීය. එම මන්ත්‍රී ධුරය සඳහා සුදුස්සකු මේ වසරේ මුල් මාස කිහිපයේදී පත් කෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචිමාර්ගවලින් පැවසේ.
- සුජිත් හේවාජුලිගේ -
Comments
Post a Comment
Your comment will be visible after approval