
බිද වැටී ඇති මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යළි යථා තත්ත්වයට පත් කිරීමටනම් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කළ යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.
එවැනි කමිටුවක වගකීම භාර ගැනීමට ද තමා සූදානම් බවත්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වසර දෙකක පමණ කාලයක් තුළ දී යළි ශක්තිමත් කිරීමට තමාට හැකියාව පවතින බවත්, ඔහු කියා සිටියේ. සිරස TV ඔස්සේ විකාශය වූ “සටන” වැඩසටහනට එක්වෙමිනි.
“මේ වෙලාවෙ අවශ්‍යම දේ අතුරු පාලක මණ්ඩලයක්. මම භාර ගන්න කැමතියි. හැබෙයි මට ඕනෙ කණ්ඩායමක් එක්ක. කොන්දේසි සහිතව. දේශපාලන අත ගැසීම් එන්නෙ නැහැ කියලා මම දන්නවා. හැබෙයි මට සහයෝගය ඕනෙ.(හිටපු ක්‍රීඩකයින්ගෙන්) ඒ(අවශ්‍ය) ක්‍රමවේදය මම හදල දෙන්නම්. හැබෙයි එක දෙයක් තියෙනවා. එක එකාට ඔලුව නවන්නෙ නෑ. මගෙ ටීම් එක දැම්මොත් මම ඒක හදල දෙන්නම්. මම ඒක කරපු කෙනෙක්.. ඕක හදන්න එච්චර අමාරු නෑ.”
මෙම වැඩසටහන සදහා බන්දුල වර්ණපුර, සනත් ජයසූරිය සහ අවිශ්ක ගුණවර්ධන යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ද එක්ව සිටි නමුත් වැඩසටහන සදහා ක්‍රිකට් ආයතනනයේ නිළධාරීන්ට කළ ආරාධනයට කිසිදු නිළධාරියෙකු අනුකූල නොවූ නිසා සහභාගීත්වයක් නොතිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval